අන්තර්ජාලය හරහා සහකරුවෙකු හෝ සහකාරියක් සෙවීම ගැන ඔබ තවමත් සිතා නැතිද ? (2014-05-12)

ඔබ ඔබගේ අනාගත සහකරු හෝ සහකාරිය කෙසේ මුනගැසේවිදැයි කියා සිහින දකින්නෙකු වන්නට පිළිවන. ඔබ සමහරක් විට සිහින දකින්න ඇති ඔහු හෝ ඇය හදිසියේ මග තොටෙදී හදිසියේ නෙත ගැටීමකින් හමු වේවියැයි කියා, නැතහොත් ඔබගේ මිතුරකු/මිතුරියක මාර්ගයෙන් වේවියැයි කියා, එහෙමත් නැතිනම් පන්ති කාමරයේ හෝ දේශන ශාලාවේ හමු වේවියැයි කියා. නමුත් ඔබ කෙලෙසවත් සිතන්නට නැතුව අති ඔබගෙ සිහින සහකරු හෝ සහකාරිය අන්තර් ජාලයෙන් හමු වේවියැයි කියා. නමුත් දැන් එය හදවත් එක් කරනා ආකාරයක් බවට පත් වී හමාරයි.

මෑත කාලයේ අන්තර්ජාලය අපගේ නොයෙකුත් කටයුතු සහ වුවමනා සදහා උපයෝගී කර ගන්නෙමු. අනෙකුත් විධිත් සමග අන්තර් ජාලය හරහාද ඔබ සහකරුවෙකු සෙවීමෙන් ඔබට වාසි කිහිපයක් අත්වේ. පළමුව, ඔබට ඔබ වැනිම සහකරුවෙක් හෝ සහකාරියක් සොයොන බොහෝ පිරිසක් MyPartner.lk වැනි වෙබ් අඩවියකින් සොයා ගත හැක. නමුත් ඔබට මග තොටේ හමුවෙන අයෙකුට සිත ගියත් ඔහුගේ හෝ ඇයගේ විවාහක අවිවාහක බව හෝ ඔහු හෝ ඇය සහකරුවෙකු හෝ සහකාරියක සොයනා කෙනෙකු බව සොයගැනීම අපහසු කටයුත්තකි. නමුත් මෙවැනි වෙබ් අඩවියක ලියාපදිංචි වී සිටින්නේ ඔබ වැනිම සහකරුවෙක් හෝ සහකාරියක් සොයනා පිරිසක්ය. ඒ නිසා ඔබට පහසුවෙන් සුදුසු කෙනෙකු සොයා ගත හැක. එසේම ඔබට පුද්ගලයාගේ ජාතිය, ආගම, වයස, අධයාපන තත්වය, රැකියාව සහ බාහිර ස්වරුපය අනුව කෙනෙකු සොයා ගත හැක. මෙම කරුණු සැලකීමේදී ඔබට සහකරුවෙකු හෝ සහකාරියක මුණ ගැසීමේ සම්භාවිතාව අන්තර් ජාල වෙබ් අඩවියක් මගින් ඉහල යනු නිසැකයි.

කෙසේ නමුත් තවමත් අප රටේ බොහෝ පිරිසක් අන්තර්ජාල හරහා සහකරුවෙකු හෝ සහකාරියක් සොයා ගැනීමට මැලිකමක් දක්වයි. ඔබත් එවැනි කෙනෙකුනම් එසේ මැලිකමක් දක්වන්නේ ඇයි දැයි මදක් සිතා බලන්න. එසේ වන්නේ බිය, අවිනිශ්චිත බව ? වෙනත් අය ඔබ ගැන කෙසේ සිතයිද කියා සිතන නිසාද ? අන්තර්ජාලය පිළිබද දැනුම මදියැයි සිතන නිසාද ? ඔබ කාන්තාවක නිසා මැලිකමක් දක්වන්නේද ? ඔබගේ Profile එකේ අන්තර්ගතය ගැන අවසන් නිගමනයකට පැමිණීමට නොහැකි නිසාද ?

ඔබත් ඉහත ගැටලු සිතෙහි ඇති අයෙක්නම් ඒවා ගැන අවන්කවම තක්සේරු කර බලන්න ඒවා ඇත්තටම ඔබට බාධාවන්ද කියා. කෙසේවෙතත් ඔබ නොදන්නවා ඇති බොහෝ බටහිර මෙන්ම ආසියාතික ඉන්දියාව, චීනය වැනි රටවල මේ ආකාරයෙන් සහකරුවෙකු හෝ සහකාරියක සෙවීම අතිශය ජනප්‍රිය වී ඇති බව. ඒ අනුව ඔබත් MyPartner.lk වැනි වෙබ් අඩවියක් හා සම්බන්ධ වීම ඔබගේ සිහින සහකරු හෝ සහකාරිය ඉක්මනින් සොයාගැනීමට පිටිවහලක් වෙනු ඇත.

වර්තමානයේ තාක්ෂණික දියුණුවත් සමග ඔබ සහකරුවෙකු හෝ සහකාරියක සෙවීම සදහා නොයෙකුත් විදි භාවිතා කිරීමෙන් ඔබට සුදුසුම කෙනෙකු ඉක්මනින් සොයා ගත හැකි වෙනු ඇත. ඒ සදහා අන්තර්ජාලය භාවිතයද එක් විදිහක් වෙනු ඇත. ඔබ කුමන ආකාරයෙන් කෙනෙකු සෙවූවත් වැදගත්ම කරුණ වන්නේ ඔබ කෙනෙකු හා සම්බන්ධයක් ගොඩනැගීමට මුල පුරන ආකාරය සහ එය සාර්ථක සම්බන්ධයක් කරා ගොඩ නගන ආකාරයයි. එය පළමුව අන්තර්ජාලය හරහා කෙනෙකු හමුවී අනිතර්ජාලයෙන්ම කෙරන පනිවුඩ හුවමරුවක් හො ඔබගේ යහළුවෙකු/යෙහෙළියක හරහා හදුනාගැනීමකින් පසු ඔහු හෝ ඇය හරහා කෙරෙන පනිවුඩ හුවමාරුවක් විය හැක. මේ කුමන ආකාරයෙන් හමුවීම සිදු උනත් අවසානයේ ඔබ ඔහු හො ඇය සමග මුහුණට මුහුණ කථා කිරීමෙන් සම්බන්ධතාව ගොඩනගා යුතුය. මේ අනුව බලන කල මේ සියලු ආකාරයකින්ම කෙරෙනුයේ පුද්ගලයෙකුට තවත් කෙනෙකු හදුන්වා දීමය, එතැන් පටන් එය සාර්ථක සම්බන්ධයක් කරා ගෙන යායුත්තේ ඔබමයි.