සාර්ථක සබදතාවයකට වැදගත වන කරුණු 6 ක්(2014-05-11)

1. සෑම විටම ධානත්මකව කතා කරන්න.

නව ආදර සම්බන්දතාක් හෝ නව යුග දිවියක් ඇරඹු ඔබට තමා අසන ලද පැනයකට "ඔව් හෝ හා" යනුවෙන් ඇසන්න ලැබෙනම් එය තරම් මිහිරි දෙයක් නැතිතරම් නේද? මොහොතකට සිතා බලන්න ඔබේ සහකරු හෝ සහකාරිය " මම කැමති ඔයත් එක්ක නිස්කලන්ක තැනකටවි කතා කරමින් ඉන්න, මම කැමති ඔයත් එක්ක ලන්ච් ගන්න, යනුවෙන් ඔබෙන් අසු විට ඔබ එයට "ඔව් හෝ හා" යනුවෙන් පැවසු විට ඔහුගේ හෝ ඇයගේ මුහුණ වෙනස් වන ආකාරය.

නමුත් කාලයත් සමග අපගේ මනස අනෙකා කැමති දෙයට විරුද්ධත්වයක් දැක්විම නිසැකයෙන්ම සිදුවන්නෙකි. මදකට සිතා බලන්න, ඔබ ඔබේ සහකරුවා හෝ සහකාරිය සමග "ඔව් හෝ හා" යන වචන දෙක දිනකට කොපමන වතවක් භාවිතා කර අත්දැයි කියා. . නමුත් ඔබ තේරුම් ගතහොත් අනෙක් පුද්ගලයා ඔබ "ඔව්" යනුවෙන් කැමැත්ත පලකෙරෙනතෙක් බලා සිටින බව, ඔබට ඔබේ සහකරු/සහකාරිය සමග සම්බන්ධතාව වර්දනය කර එළෙසම පවත්වා ගත හැක.

2. අවම ලෙස "බැහැ" හෝ නැහැ" කාරුණිකව හා ආදරණිය ලෙස පවසන්න.

අනිවාර්යයෙන්ම එදිනෙදා ජිවිතයේදි ඔබගේ සහකරු හෝ සහකාරියගේ අදහසට විරුදධ විමට සිදුවන අවස්ථා ඇතිවේ. නමුත් එය අනෙකාට කියනා ආකරය ගැන ඉතා පරිස්සම් සහගතව සිදු කල යුතුය. එය දරුනු ලෙස හෝ ඔහුගේ හෝ ඇයගේ සිත බිදෙන ලෙස අදහසට විරුදධ නොවෙන්න. ඔහුට හෝ ඇයට කරුණු පැහැදිලි කර විරුධත්වය පළකරන්න. මන්ද යම් අවස්ථාවක ඔබගේ අදහසටත් ඔහු හෝ ඇය විරුදධ විමට බොහෝ විට හැකියවක් ඇත.

3 ලෙන්ගතු වන්න

සමහරක් විට ඔබ ඔබගේ සහකරු හෝ සහකාරිය පවුලේ උදවිය හෝ මිතුරන් සමග විවේචනය කරනු ඇත. සමහරක් විට එය ඔබ ඔහු හෝ ඇය සිවින විට අන්‍යන් ඉදිරියේ කරනවා විය හැක. ඔබ ඒසේ කරන්වානම් එය වහා නවතා දමන්න. කිසිවකු තමන් අන‍යන් ඉදිරියේ විවේචනය කිරිමට කැමැති නැත. ඒ නිසා ඔබට යම් ගැටථවක් ඇතිනම් කෙළින්ම ඔහු හෝ ඇය සමග කථා කරන්න.

4. නිදහස දෙන්න

කෙනෙකු හිරිකරගෙන හෝ ඉතා සුලු නිදහසක් ඔහුට හෝ ඇයට ලබා දෙන්නෙ නම් එය සාර්ථක සම්බන්ධතාවයකට හෝ ව්වාහයකට සුදුසු නොවේ. මෙම හේතුව යම් මොහොතක ඔබගේ සම්බන්ධතාව දෙදරා යාමට හේතු වනු ඇත. ඒ නිසා ඔහුගේ ඇයව දැඩිව අයිතිකර ගැනිමෙන් වළකින්න, සුදුසු නිදහසක් ඔබගේ සහකරුට හෝ සහකාරියටත් අවශ‍ය බව මතක තබා ගන්න.

5. ඔහුට හෝ ඇයට අත්වැලක් වන්න.

බොහෝවිට ඕනෑම පුද්ගලයෙකුට ජීවිතයේ එක් අවධියක අවස්ථාවක් එළබෙනු ඇති ඔහු හෝ ඇය පතනා සාර්ථකත්වය මුදුන් පමුනුවා ගැනීමට නොහැකි වන අවස්ථාවක්. එය සමහරක් විට ඔහුගේ හෝ ඇයගේ වැරදි කටයුත්තක් නිසා සිදුවන්නක් විය හැක. සමහරක් විට එය ඔහුගේ හෝ ඇයගේ උදාසීන කම නිසා සිදුවන්නක් විය හැක. හේතුව කුමක් වුවත් ඔබ ඔබගේ සහකරුට හෝ සහකාරියට මතක් කර දෙන්න ඔහු හෝ ඇය සතු හැකියාවන් ගැන. ඔහුව හෝ ඇයව සාර්ථකත්වය කරා ගමන් කරවීමට ඔබ මූලික වී කටයුතු කරන්න. එවිට ලැබෙන ඵලයන් ඔබ දෙදෙනාටම වාසි සහගත වන අතර ඔබගේ සබදතාව තවත් දියුණු කිරීමට හෙතු වේ.

6. අනෙක් කෙනාට ඇහුම් කන්දෙන්න.

ඔබගේ සහකරුට හෝ සහකාරියට ඔබට පැවසීමට ඇති දෙයට ඇහුම් කන් දීම ඔබ අතරේ සෙනෙහස නැන්වීමට හැකි එක් ආකාරයකි. මෙය අද අප සමාජයේ බොහෝ දෙනෙකු නොකරන දෙයකි. විශේෂයෙන්ම වර්තමානයේ ඇති ජීවන රටාව අනුව නිදහසේ දෙදෙනාට කතා කිරීමට සුදුසු කාලයක් නොමැති තරමය. කෙසේ වෙතත් ඔබගේ දෛනික කාල සටහනෙන් සුලු වෙලාවක් හෝ මේ සදහා වෙන් කර ගන්න. ඔබ ඔබගේ සහකරුට හෝ සහකාරියට ඇහුම් කන් දීමට සැදීපැහැදී සිටිනා බව ඒත්තුගන්වන්න.